සැ.යු.   ගොඩක් අය මේ ගැන දන්නවා මේ කියලා දෙන්න යන්නෙ දන් නැති අයට.




මේ ටොරන්ට් ෆයිල්ස් ගැන නිතර දෙවේලේ ඇති වන ගැටලුව.
ඔයාලා දැකලා ඇති සමහර වෙබ් සයිට් වල එක එක ගේම්ස්,චිත්‍රපටි,මෘදුකාංග  ඩවුන්ලෝඩ් කර ගන්න කියලා දාලා තියෙනවා.ගේම්ස්,චිත්‍රපටි,මෘදුකාංග කිව්වාම අපි දන්නවානේ මේ පොඩි පොඩි ෆයිල්ස් නොවන බව.


කොහොම කොහොම හරි ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනවා ඒ ටොරන්ට්  එක මේ ටොරන්ට්  එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා.අන්තිමේදි ඒ කියන විදිහට ඒක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ෆයිල් එක කරන්න බැරි ගානක පොඩි ෆයිල් එකක් නේද ?

ඇත්තට මොනාද මේ ටොරන්ට් ෆයිල්ස් කියන්නේ ?

මම ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නය හැමෝටම ඇතිවෙලා ඇති.ඉතින් මේ ලිපිය ලියන්නේ ඒ ප්‍රශ්නය මග හරවා ගන්න තමයි.
ඔය බහුබූත කතා නවත්තලා දැන් අපි බලමු මේ ටොරන්ට් ෆයිල්ස් කියන්නෙ මොනවද කියලා.

ටොරන්ට් ෆයිල් කියන්නේ අඩු අන්තර්ජාල වේගයක් ඇති පරිගණකයකදී, ගේම්ස්,චිත්‍රපටි,මෘදුකාංග වැනි වැඩි ධාරිතාවක් ඇති ෆයිල්ස් ඉතා වේගයෙන් ඩවුන්ලෝඩ් කර ගන්නට සාදා ඇති ෆයිල්ස් එක්ස්ටෙන්ෂන් එකයි.


කොහොමද ඉතින් මේවා ඩවුන්ලෝඩ් කරන්නේ ?

ඉස්සල්ලාම අපි අපේ පරිගණකයට ටොරන්ට් ක්ලයන්ට් කියා හදුන්වන වැඩසටහන ඩවුන්ලෝඩ් කර ගන්න ඕන.ඊට පස්සේ ඔයාට ඕන කරන ටොරන්ට් ෆයිල් එක, ටොරන්ට් සර්ච් එන්ජිමකින් හොයා ගෙන ඒක පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගන්න ඕන.ඊට පස්සේ අපි ඒ ටොරන්ට් ෆයිල් එක, ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනට ඩ්‍රැග් කර දාන්න ඕන.
ඒ ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනට යන්න. 


ඊට පස්සෙ තමයි අපේ ටොරන්ට් ෆයිල් එක පරිගණකයට ඩවුන්ලෝඩ් වීමට පටන් ගන්නේ.මේකට ඔයාලගේ අන්තර්ජාල වේගය බලපාන් නෑ ඒ වගේම මේ ටොරන්ට් ෆයිල් එක පරිගණකයට ඩවුන්ලෝඩ් වෙමින් තියෙද්දී පරිගණකයට ඕෆ් කරොත් ඒත් ෆයිල් එකට මොකුත් වෙන් නෑ.අපි කවදා හරි පරිගණකයට  ක්‍රියාත්මක කල විට ඩවුන්ලෝඩ් වීමට නැවතුන සිට නැවත පටන් ගන්නවා.

ඔන්න ටොරන්ට් ෆයිල්ස් ගැනත් කියලා දුන්නා.ප්‍රශ්නයක් තියෙනවා නම් Comment කරන්න..

Post a Comment

 
Top