Microsoft ආයතනය විසින් හදුන්වාදී ඇති මේ Antivirus මෘදුකාංගය Microsoft Security Essentials.නොමිලයේ ලබාගත හැකි Antivirus මෘදුකාංගයක්.මේක Antivirus මෘදුකාංගයක් විතරක් නෙවෙයි firewall වගේම spyware, malware සදහාද හොද ආරක්ෂකයෙක්.


මම දැක්කා ගොඩාක් Blog වල පවා මේ දවස්වල එකම වර්ගයේ Virus Guard එකක් ගැන කතා වෙනවා ඒක හැබැයි සල්ලි දීලා ගන්න ඕනේ එකක්. නිසා සමහර Blog වල ඒකට හරියන Crack වර්ග පවා දාලා තිබ්බා. දැන් දැන් Crack කියන එක හැම දෙයකටම හරියන කෝකටත් තෛලයක් කරගෙන. මම ඔයාලට කියන්නේ ඔයාලා Virus Guard එකක් ගන්නවා නම් සල්ලි දීලාගන්න ඒත් එහෙම බැරිනම් මම මේ කියන්න යන Virus Guard එක දාගන්න. කවමදාකවත් Crack වගේ ඒවා දාලානම් Virus Guard දාගන්න එපා. මොකද අපි දන්නේ නැහැ ඔය කියන Crack මොන මොන වගේ ඒවද කියලා. සමහර විට Guard එක Update වෙන තැන් පවා වෙනස් ඇති.


මේකෙන් අපිට ලැබෙන විශේෂම ප්‍රයෝජනය තමයි අපේ පරිගණකයේ වේගයට ඒතරම් බලපෑමක් ඇති නොවීම.ඒ කියන්නේ වෙන Antivirus මෘදුකාංග එක්ක බැලුවහම Security Essentials වලට වැයවන්නේ අඩු RAM ප්‍රමාණයක්.අපි දන්නවා කැස්පා වගේ Antivirus මෘදුකාංගයක් Install කලොත් අපේ පරිගණකයේ වේගය කොච්චර අඩු වෙනවද කියලා.ඒත් Security Essentials මෘදුකාංගය Windows සදහාම හදපු එකක් නිසා ඒකෙන් අපේ OS එකේ වේගයට වෙන බලපෑම ඉතාම අඩුයි.


Microsoft Security Essentials නම් ඇත්තටම් ESET එකට වඩා හොදයි,ඕනෙම Windows OS එකක් එක්ක වැඩ කරනවා.හැබයි ජෙනුයින් Windows OS එකක් තිබ්බේ නැත්නම් Microsoft Softwares කොහොමත් කචල් දානවා.


දැනට අන්ත්ර්ජාලයේ ඇති බොහෝ වෙබ් අඩවි වල මේ Security Essentials පිලිබද කතාවෙනවා.අපි Antivirus මෘදුකාංගයක් පරික්ෂා කරන්න යොදාගන්න AV-Test.org වැනි වෙබ් අඩවි වලත් 98% ක්ම Malware මෙම  Security Essentials Antivirus මෘදුකාංගය මගින් හදුනාගන්නා බව කියනවා.


අනික මේක පිළිබඳව එතරම් ප්රසිද්ධියක් නොමැත්තේ සහ භාවිතයක් නොමැත්තේ නිකන් Free දෙන නිසා වෙන්නැති. හොඳයි කොහොමහරි මම කියන්නේ නම් ඔයාලා සල්ලි දීලා හරි Virus Guard එකක් ගන්න කලින් මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න කියලා තමයි. ඔන්න එහෙනම් පහළින් Download කරගන්න Link එකත් දාන්නම්. බාගෙනම බලන්නකෝ.

http://windows.microsoft.com/en-us/windows/security-essentials-download

Post a Comment

 
Top