ගොඩක් අය අහල තිබ්බ දෙයක් තමයි Illustrator වලින් අපේ Real Image එකක් Cartoon Image එකක් බවට හරවන්නේ කොහොමද කියලා :rolleyes: මේක අපිට Photoshop වලිනුත් කරන්න පුලුවන් :) ඒත් PS වලින් කරනකොට තියෙන අවාසිය තමයි Vector output එකක් ගන්න බැරිකම fff080
Ahh මොනවද මේ Vector Output කියන්නේ ?

අපි දන්නවා Photoshop වලින් මොකක් හරි දෙයක් design කරලා අපි ඒක zoom කලොත් බොදවෙනවා aaa32 ඒත් මේ Vector Graphics කියන එව්වා එහෙම නෑ. Vector කියන්නේ අපිට ඕනි Resolution එකකට resize කරන්න පුලුවන් image file format එකක්.ඒ කියන්නේ Illustrator වලින් අපි Design කරන දේ මොකක් වුණත් ඒක අපිට ඕන size එකකට save කරන්න පුලුවනි :) කොච්චර zoom කලත් බොදවීමක් නම් වෙන්නේ නෑ.[A vector graphic is Resolution-Independent] අපි Illustrator වලින් LOGO එකක් / Flyer එකක් Design කලා කියලා හිතන්න.දැන් අපිට පුලුවන් .ai or .eps file format වලින් Vector output එකක් ගන්න.

Illustrator වල .ai සහ .eps අතර වෙනස ;)

අපි Illustrator වලින් save කරන .ai /.eps කියන file format දෙකම Vector Based format දෙකක් .


ඒත් .eps කියන format එක භාවිතා වෙන්නේ Printing වලදී.ඒ කිව්වේ අපි Design කරන දේ Print කරන්න ඕනි නම් අපිට ඕනි වෙනවා Vector EPS file එක :) 

.ai කියන්නේ අපි Illustrator වලින් කරන Design එකේ Source file එක.ඒ කිව්වේ අපිට .ai file එකක් Illustrator වලින් ඕන වෙලාවක Edit කරන්න පුලුවන්.
ඔන්න ඕක නිසයි fiverr වගේ site එකක LOGO Design කරන කෙනෙක් Vector file එකට වෙනමම ගානක් අයකරන්නේ.
ගොඩක් අය vector file එක කියලා buyerට deliver කරන්නේ .ai file එක.ඒත් එතනදී vector file එක කියන්නේ .eps format එකට.Gig එකක Price Set කරන තැන වෙන වෙනම තියෙනවා Vector file & Source file කියලා.ඒ දෙක පටලවාගන්න එපා :( හරි එහෙනම් වැඩේට බහිමු fff042

මම නම් කරන්නේ මේ විදිහට තමයි.. වෙන වෙන ක්‍රම තියෙන්න පුලුවනි.fff038

මේකට Illustrator CS5 හෝ ඊට ඉහල Version එකක් ඕන කරනවා.මොකද Image Trace Option එක පරණ Version වල නැහැ...Ahhh තව RAM එකත් අනිවා 4GB හෝ ඊට වඩා ඕන හොදේ.ඒ ඇයි කියලා තව ටිකකින් තේරෙයි aaa31

එහෙනම් Illustrator Open කරගන්න :)
Ctrl + N Press කරලා අලුත් Doc එකක් Open කරගන්න.



 

Width & Height වලට ඔයා Cartoonize කරන්න බලාපොරොත්තුවෙන Image එකේ ගානට වඩා වැඩි අගයක් දාලා Color Mode එක RGB දාලා OK කරන්න :)


 

දැන් ඔයාලට Cartoonize කරන්න ඕන කරන Image එක ඔය අලුත් Doc එකට Insert කරගන්න ඕන.ඒකට File > Place වලින් ඔයාට ඕනි Image එක තෝරන්න :) පස්සේ Mouse pointer එකත් එක්ක image එක move වෙනවා.එතනිදි අපිට image එක තියන්න ඕන තැන Click කලාම එතනට හරියටම image එක Place වෙනවා fff042



(අදුරනවත් ඇති මෙයාව) aaa16

දැන් ඔයා Place කරපු Image එකට උඩින් පොඩියට තියෙනවා Image Trace කියලා Button එකක් fff042



අන්න ඒක පොඩ්ඩක් Click කරලා බලන්න :) දැන් Image එක Trace වෙනවා Black & White විදිහට ;)



දැන් Image එක උඩින් තියෙනවා පොඩි Button එකක් ඒක Click කලාම Drop down Menu එකක් එයි. ;) Default තමයි කොහොමත් තියෙන්නේ.. ඒක Click කරන්න.. මෙන්න මේ තියෙන්නේ.



ඒක Click කරාම පහල ඇති 16 Colors කියන Option එක ;) අන්න ඒක Click කරන්න :) දැන් ඉතින් පොඩි වෙලාවක් යයි Trace වෙන්න.අන්න ඒකට තමයි මම 4GB or Higher RAM එකක් ඕන කිව්වේ.aaa31 2GB වගේ තියෙන අයට දෙයියන්ගෙම පිහිටයි :Fuckthat:

පස්සේ Image එක මේ වගේ වෙයි ;)



දැන් අර Drop down Menu එකට යන්න Click කරපු Button එකට දකුණු පැත්තෙන් තව පොඩි Button එකක් ඇති.Image Trace Panel එක fff042 ඒක Click කරලා Trace Panel එක Open කරගන්න ;) මෙන්න මේ වගේ :rolleyes:



Trace Panel එකේ තියෙන Colors / Paths / Corners කියන Option වලින් ඔයා Trace කරපු Image එක තවත් Cartoonize කරගන්න පුලුවන්.ඔයා Colors : 20 / Paths : 1% / Corners : 0% වගේ දාලා Trace කරලා බලන්න.හොද output එකක් ගන්න පුලුවන් fff042



Trace Panel එකේ තව තව වැඩ තියෙනවා ඉතින්.Present : High Fidelity Photo කියන Option එක දුන්නොත් අපි Place කරපු Image එක වගේම Vector Based Image එකක් ගන්න පුලුවන් :) එව්වත් කරලා බලන්න .

මේ ක්‍රමෙන් හරියටම Cartoon එකක් ගන්න අමාරුයි..තව Brush ටිකක් එහෙම use කරලා මේ image එක හදන්න ඕනි...මේ මූලික ටික විතරයි....

Post a Comment

 
Top